නාවික එන්ජින්

marine-1024x683.jpg

පරිපූර්ණ විසඳුම්

  • අධිවේගී සහ මධ්‍යම වේගී එනින්, සහය එන්ජින් සහ විදුලි ජනක පද්ධති විසඳුම්
  • අවශ්‍ය අවස්ථාවකදී භාවිතා කළ හැකි ද්විත්ව ඉන්ධන, ඩීසල්-විදුලි සහ හයිබ්‍රිඩ් පද්ධති
  • SCR පද්ධති
  • පූර්ණ එන්ජින් පද්ධති – controllable pitch propellers, transverse and azimuth thrusters, and controls
  • LNG Propulsion සහ Fuel Gas පද්ධති (from shore-side bunkering to on-board storage, bunker tanks to LNG fuel gas)
  • නෞකා නිරීක්ෂණය සහ විශ්ලේෂණය
  • ලොව පුරා පාරිභෝගික සහය සේවා සහ අලෙවියෙන් පසු විසඳුම්

අපගේ නිෂ්පාදන අතරට ඩීසල් සහ ද්විත්ව ඉන්ධන එන්ජින් සහ සහයක නාවික එන්ජින් මෙන්ම නෞකා විදුලි ජනක යන්ත්‍ර පද්ධති ඇතුළත් වේ. මීට අමතරව After-treatment විසඳුම් සහ සම්පූර්ණ Fuel Gas Handling පද්ධතිද අප වෙතින් ලබාගත හැක.

ඔබගේ නෞකාවේ සමස්ත හැසිරවීම්, එන්ජින් සහ පාලන ක්‍රියාකාරීත්වයන් සඳහා කාර්මික, විදුලි සහ හයිබ්‍රිඩ් විසඳුම් ලෙස Controllable Pitch layout යටතේ Conventional Propeller Systems මෙන්ම Controllable and Fixed Pitch layouts යටතේ Azimuth Propulsion Systems අපි ලබාදෙන්නෙමු.

ඔබගේ නෞකාවේ ක්‍රියාකාරීත්වය සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා නෞකා දත්ත පූර්ණ වශයෙන් විශ්ලේෂණය කිරීමේ ක්‍රමයක් යටතේ පරිපූර්ණ නිරීක්ෂණ පද්ධති, ආරක්ෂණ පද්ධති සහ පාලන පද්ධති  පිරිනැමීමේ හැකියාව අප සතු ය.

Cat Commercial සහ Pleasure Propulsion එන්ජින්

Caterpillar Marine ඔබට වාණිජ නෞකා සහ සාමාන්‍ය නෞකා සඳහා සාම්ප්‍රදායික සහ විද්‍යුත් ප්‍රචාලක විසඳුම් පෙළක් ලබාදෙයි. මෙම අධිවේගී සහ මධ්‍යම වේගී එන්ජින් විසඳුම් යටතේ ඔබට 298 bkW (400 bhp) සිට 5645 bkW (7577 bhp) දක්වා බලයක් සහිත පද්ධති ලබාගත හැක.

එන්ජින් ක්‍රියාකාරීත්ව කාලය ඔබට, ඔබගේ නෞකා කාර්ය මණ්ඩලයට, සේවාදායකයන්ට මෙන්ම සමස්තයක් ලෙස ඔබගේ ව්‍යාපාරයට බෙහෙවින් වැදහත් ය. ක්ෂේත්‍රයේ විශිෂ්ටතම තාක්ෂණය සමගින් වඩාත් විශ්වාසදායී වාණිජ සහ විනෝද නෞකා එන්ජින් නිෂ්පාදනය කිරීමට Caterpillar සමත් වී ඇත. Tugs නෞකා වල සිට කන්ටේනර් නෞකා සහ Sport Fishers දක්වාම Cat එන්ජින් සිය සාර්ථකත්වය පෙන්නුම් කර තිබේ. අසමසම විශ්වාසනීයත්වය සහ කල්පැවැත්ම සහිත මෙම එන්ජින් ඔබට දශක ගණනක් තිස්සේ සේවය සලසනු නිසැක ය.

CAT විදුලි ජනක පද්ධති සහ සහය එන්ජින්

නෞකා සම්බන්ධයෙන් වසර 80 කට වැඩි අත්දැකීම් සහිත අප මේ වනවිට 10 eKW (10 kVA) සිට 5200 eKW (6500 kVA) දක්වා පුළුල් පරාසයක පැතිරුණු ජෙනරේටර පද්ධති හඳුන්වා දී ඇත. Cat නෞකා ජෙනරේටර් සහ auxiliary එන්ජින් අතිසාර්ථක සැලසුම් සහ නවීන තාක්ෂණය එක්තැන් කරන නිෂ්පාදන ලෙස හැඳින්විය හැකි වේ. වැඩි බලයක් සහ කාර්යක්ෂමතාවක් සඳහා වැඩි පාලනයක් හිමිවීම මෙන්ම ඔබගේ ව්‍යාපාරයට බලපෑම් එල්ල කළ හැකි බිඳවැටීම් ඇතිවීම පාලනය කිරීම සඳහා භාවිතා කළ හැකි දියුණු නිරීක්ෂණ ක්‍රම මීට අයත් ය. මේ සියල්ල ඔබගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට උපකාරී වේ.

Cat පාලන පද්ධති සහ නිරීක්ෂණ තිර

Three60 Precision Control & Multi-Station Control System (MSCS)

   

Three60 Precision Control පද්ධතිය එන්ජින්, ගියර්, ත්වරක සහ ප්‍රචාලක වැනි සියල්ල මනාව පාලනය කරන නිසා නෞකාවේ දිශාව සහ වේගය පාලනය කිරීම ඉතාමත් පහසු වේ,

MSCS නිසා පාලනය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට පහසුවෙන් මාරු කළ හැකි අතර ප්‍රධාන පාලන පද්ධතිය අක්‍රීය වුවහොත් ක්‍රියාත්මක වීමට පූර්ණ හැකියාව සහිත දෙවැනි පද්ධතියක්ද ඊට ඇතුළත් ය.

Cat Marine Display

එන්ජින් සහ ගියර පද්ධතියේ දෝෂ පෙන්වීමට මෙන්ම දෘශ්‍ය දැනුම්දීම් සංඥා සහ කැමරා 4 ක් දක්වා වීඩියෝ දර්ශන දැක්වීමේ හැකියාව Cat නිරීක්ෂණ  තිරය සතු ය. භාෂා 7 ක් සහ මීටර වර්ග 2 ක් මෙන්ම දහවල් සහ රාත්‍රී දර්ශක ක්‍රම අතරින් තමන්ට කැමති ක්‍රම තෝරාගත හැකි වේ.

Selection of right Construction Equipment for your Project