UTE කුලී සේවා


කාලය අපතේ යාම් නැත! අනවශ්‍ය වියදම් නැත! නඩත්තු නැත!

දැන් ඔබට ඔබගේ ව්‍යාපාර කටයුතු ගැන වැඩි අවධානයක් යොමු කරමින්, වියදම් මෙන්ම ව්‍යාපාරයට ආවේණික අවදානම්ද නිසි ලෙස කළමනාකරණය කළ හැකි වේ. කුලී පදනම මත යන්ත්‍රෝපකරණ ලබාගැනීම යනු විවිධ තල වලින් ඔබට වාසි ගෙන දෙන විසඳුමකි. UTE වෙතින් ඔබට පුළුල් පරාසයක පැතිරුණු යන්ත්‍රෝපකරණ (ක්‍රියාකරවන්නන් සහිතව හෝ රහිතව) ආකර්ෂණීය ගාස්තු යටතේ ලබාගත හැකි වේ.

UTE වෙතින් ඔබට තරගකාරී කුලී ගාස්තු හිමිවන අතර සෑම යන්ත්‍රයක්ම නිවැරදි නඩත්තු වලට සහ දැඩි පරීක්ෂාවන්ට ලක්කෙරේ. විශිෂ්ට මට්ටමේ යන්ත්‍රෝපකරණ මෙන්ම දැඩි කැපවීමෙන් සේවය කරන කාර්ය මණ්ඩලයක් අප සතු නිසා ඔබට UTE කෙරෙහි විශ්වාසය තැබිය හැක.


කුලී පදනම යටතේ යන්ත්‍රෝපකරණ ලබාගැනීමෙන් අත්වන වාසි 10 ක්


  • ප්‍රාග්ධන ආයෝජනයක් අවශ්‍ය නැත.
  • නඩත්තු වියදම් නැත
  • ගබඩා ගාස්තු නැත
  • දෝෂ නිවැරදි කිරීමේ වියදම් අවම වේ
  • වඩාත් කාර්යක්ෂම ලෙස අවශ්‍ය කටයුත්ත ඉටුකරගත හැකි වේ
  • යන්ත්‍රෝපකරණ යල්පැනීමේ අවදානමක් නැත
  • ඔබගේ ප්‍රධාන යන්ත්‍රෝපකරණ එකතුවට අමතරව භාවිතා කළ හැක
  • ඔබගේ ණයගැනීමේ හැකියාව (Borrowing power) වැඩිකරයි
  • වඩාත් විශිෂ්ට සේවාවක් හිමි වේ
  • කිසියම් යන්ත්‍රයක් මිලදී ගැනීමට පෙර පරීක්ෂා කර බැලීමක් ලෙසද භාවිතා කළ හැක

RENTAL SOLUTIONS WITH


මනා පුහුණුවක් ලැබූ, අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලයක සහය

පාරිභෝගික අවශ්‍යතාවන්ට අනුව නිවැරදි විසඳුම් ලබාදීම සඳහා UTE Rental නියෝජිතයන් හොඳින් පුහුණුව ලබා ඇත.

අලෙවි නියෝජිත සමාගම විසින්ම නඩත්තු කරනු ලබන යන්ත්‍රෝපකරණ

UTE Rental සතු සියලුම යන්ත්‍රෝපකරණ ඵලදායීතාව, ක්‍රියාකාරීත්වය සහ ලාභදායීත්වය වැඩි වන පරිදි, විශිෂ්ටතම මට්ටමින් නඩත්තු කෙරේ.

යන්ත්‍රෝපකරණ වර්ග රාශියක්

ඩීසල් ජෙනරේටර් පද්ධති, පොළොව කැණීමේ යන්ත්‍ර සහ අමුද්‍රව්‍ය හැසිරවීමේ යන්ත්‍ර ඇතුළුව ඔබගේ අවශ්‍යතාවන්ට ගැළපෙන යන්ත්‍රෝපකරණ රාශියක් අප සතු ය.

යන්ත්‍රෝපකරණ සඳහා විශේෂඥ සහය

ඔබගේ යන්ත්‍රෝපකරණ සෑම විටම ක්‍රියාකාරී තත්ත්වයේ පවත්වා ගැනීම සඳහා අපගේ හොඳින් පුහුණුව ලැබූ, අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලය ඔබට සහය වෙයි.

මනා පුහුණුවක් ලැබූ තාක්ෂණ ශිල්පීන්/ක්‍රියාකරවන්නන්

අපගේ යන්ත්‍රෝපකරණ වලින් උපරිම ප්‍රයෝජන ලබමින් උපරිම ඵලදායීතාවක් සහ උපරිම ආරක්ෂාවක් සහතික කිරීම සඳහා මැනවින් පුහුණුව ලැබූ යන්ත්‍රෝපකරණ ක්‍රියාකරවන්නන් සහ තාක්ෂණ ශිල්පීන් පිරිසක් අප සතු ය.




UTE Rental



ඔබගේ වැඩබිමට දිනකට පැය 6 කට වැඩි කාලයක් බැගින් වසරකට දින 150 කට වැඩි කාලයක් දක්වා යන්ත්‍රෝපකරණ අවශ්‍ය වන්නේ නම් සහ එම මෙහෙයුම් කටයුතු අත්‍යවශ්‍ය මෙහෙයුම් නම්, ඔබ අලුත් යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සුදුසු ය.

ඔබගේ වැඩබිමට වසරකට  දින 200 කට වැඩි කාලයක් සඳහා යන්ත්‍රෝපකරණ අවශ්‍ය වන නමුත් මෙහෙයුම් කාලය දිනකට පැය 2 කට වඩා අඩු නම් සහ, එම මෙහෙයුම් කටයුතු වැදගත්කමින් අඩු කටයුතු වන්නේ නම් ඔබට පාවිච්චි කළ යන්ත්‍රෝපකරණ මිලදීගත හැක.

ඔබගේ වැඩබිමට වසරකට දින 200 කට වැඩි කාලයක් සඳහා යන්ත්‍රෝපකරණ අවශ්‍ය වන අතර මෙහෙයුම් කාලය දිනකට පැය 2  ත් 4 ත් අතර පවතින්නේ නම්, එම මෙහෙයුම් කටයුතු මධ්‍යම ප්‍රමාණයේ වැදගත්කමින් යුත් කටයුතු වන්නේ නම් ඔබට ‘මඳ වශයෙන්’ පාවිච්චි කළ (‘Low Hour’) යන්ත්‍රෝපකරණ මිලදීගත හැකි වේ.

ඔබගේ වැඩබිමට දිනකට පැය 4 කට වැඩි කාලයක් බැගින් වසරකට දින 150 කට අඩු කාලයක් දක්වා යන්ත්‍රෝපකරණ අවශ්‍ය වන්නේ නම් සහ එම මෙහෙයුම් කටයුතු අතිශය වැදගත් මෙහෙයුම් වන්නේ නම්, කුලී පදනම යටතේ යන්ත්‍රෝපකරණ ලබාගන්න.

MACHINES FOR RENT

320D2 Excavator

150kva Generator

200kva Generator

400kva Generator

Selection of right Construction Equipment for your Project