දුම්රිය එන්ජින්


මේ දක්වා ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඩීසල් එන්ජින් සපයන විශාලතම සැපයුම් කරු ලෙස සහ එම ආයතනය සමග දීර්ඝකාලීන සම්බන්ධතා පවත්වන සමාගමක් ලෙස UTE ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන පෙළේ ව්‍යාපෘති රැසක් දියත් කර ඇත. මෙම සියලු ව්‍යාපෘති සඳහා UTE වගකීමක් සහ අලෙවියෙන් පසු සේවාවන් සලසයි. එමෙන්ම දුම්රිය සේවය තුළ සාර්ථක ලෙස එන්ජින් ප්‍රතිසංස්කරණ සහ ප්‍රති-බලගැන්වුම් ව්‍යාපෘති දියත් කළ පෞද්ගලික අංශයේ එකම සමාගද UTE ය. තවද රජයේ දුම්රිය වැඩහල්වලට අමතරව දුම්රිය සම්බන්ධ ප්‍රධාන පෙළේ නඩත්තු කටයුතු, අලුත්වැඩියාවන් සහ නිතිපතා නඩත්තුව සිදුකරන එකම පෞද්ගලික සමාගමද එයයි.



වසර 90 කට අධික කාලයක් තිස්සේ Electro-Motive Diesel (EMD) ලොවපුරා දුම්රිය මාර්ග කර්මාන්තයට උසස් තලයේ සේවාවක් සලසා ඇත. එම සමාගම දිගින් දිගටම ඇමරිකාවේ සහ විදේශ රටවල භාණ්ඩ ප්‍රවාහන, මගී ප්‍රවාහන සහ road-switching වර්ගයේ දුම්රිය නිෂ්පාදන කරමින් සිටී.


මගී ප්‍රවාහන දුම්රිය

අපගේ F125 අධිවේගී මගී දුම්රිය ලොව ප්‍රථම Environmental Protection Agency (EPA) Tier 4 දුම්රිය වේ. 4,700 hp Cat C175 series එන්ජිමක් සහිත මෙම දුම්රියට පැයට සැතපුම් 125 ක වේගයෙන් ගමන් කිරීමේ හැකියාව ඇත.

භාණ්ඩ ප්‍රවාහන දුම්රිය


නව එන්ජින් සවිකළ දුම්රිය

Progress Rail පිරිනමන නව එන්ජින් හා මෙහෙයුම් පද්ධති සවිකිරීමේ ක්‍රමය දැනට සමාගමක් පිරිනමන නම්‍යශීලීම විසඳුම ලෙස සැලකිය හැක. මෙම ක්‍රමය ඔස්සේ පැරණි දුම්රිය එන්ජින් වල ඇති අකාර්යක්ෂම එන්ජින් සහ යල්පිනූ පාලන පද්ධති වෙනුවට නවීන, කාර්යක්ෂම පද්ධති සවිකෙරේ. මේ ඔස්සේ මෙම දුම්රිය එන්ජින් වලට තවත් දශක ගණනාවක් සේවය සැපයීමේ හැකියාව ලැබේ.

පාවිච්චි කළ දුම්රිය එන්ජින්

ඔබගේ අවශ්‍යතාව කුමක් වුවද ඒ සඳහා ගැළපෙන උපාංග ලබාදීමේ හැකියාව අප සතු ය. කුඩා පරිමාණ දුම්රිය සේවාවන්ගේ සිට මහා පරිමාණ සමාගම් දක්වා දුම්රිය සේවාවන්ට අවශ්‍ය සේවාවන් සැපයීමට අවශ්‍ය නිෂ්පාදන හා පහසුකම් අප සතු ය.


අපගේ ව්‍යපෘති

ශ්‍රී ලංකා දුම්රිය සේවය සතු W1පන්තියේ Diesel Hydraulic 1100 HP දුම්රිය එන්ජින් දහයෙන් එකකට 1260HP Caterpillar DITA එන්ජිමක් සහ Voith L500rzU2 ගියර පද්ධතියක් සවිකරන ලදි.

ශ්‍රී ලංකා දුම්රිය සේවය සතු M5 පන්තියේ Diesel Electric 1600 HP දුම්රිය එන්ජින් සතරෙන් එකකට 1800 HP Caterpillar 3516 DITA එන්ජිමක් සවිකරන ලදි.

Selection of right Construction Equipment for your Project